,
News

මව්බිම මාධ්‍යවේදියාට සිදුවූ හිරිහැරය ගැන රංගජීව පැහැදිලි කරයි, සමාවත් ඉල්ලයි

(RIVIRA.LK, 2020 ජුලි 12 පෙරවරු 09.25)

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ජූලි 10 දින මාධ්‍යවේදියෙකුට තමාගෙන් සිදුවූ බාධාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවන බවත් පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව කියා සිටී.

පොලිස් මූලස්ථානයේ පිහිටි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී ජූලි 11 පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු කියා තමා සිරගත කළ අවස්ථාවලදී ද තමන් වෙනුවෙන් විශාල කාර්යභාර්යක් සිදුකළේ ජනමාධ්‍ය බවයි.

එවැනි තත්වයක් තුළ තමන්ට කිසි විටෙක මාධ්‍යවේදීන් සමග ගැටළු ඇති කරගැනීමේ අවශ්‍යතාවයක් නොතිබෙන බව ඔහු සඳහන් කළා.

අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ දී පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් වැඩි අවධානයක් යොමු කළ බවත් අදාළ මාධ්‍යවේදියාගේ ස්වරූපය සම්බන්ධයෙන් තමන්ට සැක මතු වූ බවත් ඔහු සඳහන් කළා. තමන් ඝාතනය කිරීමට මීට පෙර විවිධ කණ්ඩායමක් උත්සාහ දරා ඇති බව පැවසූ පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ අධිකරණ පරිශ්‍රවල දී ද විවිධ අපරාධයන් සිදුකර ඇති බවයි. එවැනි තත්වයක් තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට දැඩි පීඩනයක් ඇති බවත් ඒ හේතුවෙන් ඇති වී තිබෙන දැක්ම මීට බලපෑ බවත් ඔහු පෙන්වා දුන්නා.

එහෙත් තමන් ඔහු පිලිබඳ කරුණු දැනගත් වහාම සමාව ඉල්ලූ බවත්, ඔහුගෙන් ලබාගෙන තිබූ මෙමරි චිප් දෙක නැවත ලබාදීමට උපදෙස් දුන් බවත් නියෝමාල් රංගජීව පවසා සිටියා. නමුත් ඒ වන විට සිදුවිය යුතු සියල්ල සිදුව අවසන් බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවන බවත් අදාළ මාධ්‍යවේදියාට සිදුවූ බාධාව සම්බන්ධයෙන් සමාව අයදින බවත් ඔහු කියා සිටියා.

Rivira Ads
To Top