(RIVIRA.LK, 2020 ජුලි 12 පෙරවරු 09.40ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2,500 ඉක්මවා යමින් ජුලි 12 ඉරිදා පෙරවරු 09.00 වන විට 2,511ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 11 දිනය තුළ නව ආසාදිතයින් 57ක් වාර්තා වී තිබෙනවා.
ඒ ජුලි 11 දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් 57 දෙනාගෙන්,
- කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් – 13
- කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් – 39
- එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි – 04
- කුවේට් සිට පැමිණි – 01
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,980කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 520 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

