(RIVIRA.LK, 2020 ජූලි 13 පස්වරු 08.19ට)
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධියට ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් ලැබිය යුතු නිසි පිළිගැනීම මෙතෙක් ලැබී නැති බව එම විශ්වවිද්‍යාලයේ නීතිවේදීන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක් තිස්සේ විසඳුමක් නොලැබී තිබූ ගැටළුව විසඳීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව වෙත “විධානයක්” නිකුත් කර තිබුණ ද එම විධානය ද මෙතෙක් ක්‍රියාත්මක කර නැති බවයි.
කෙසේ වෙතත් නීති අධ්‍යාපන සභා පනත අනුව එහි දැක්වෙන්නේ විෂයභාර අමාත්‍යවරයා “විධානයක්” ලබාදුන් විට නීති අධ්‍යාපන සභාව විසින් එය බලාත්මක කළ යුතු බවයි.
කෙසේ වෙතත් මේ වන විට අදාළ ගැටළුව විසඳීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විරෝධතාවයක් ඇති බව ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් නීතිඥ සංගමය එසේ විරුද්ධ වීමට නිශ්චිත හේතුවක් දක්වා නොතිබීම ද විශේෂ තත්වයක්.
මේ සම්බන්ධයෙන් රිවිර.lk දිගින් දිගටම තොරතුරු වාර්තා කළ අතර කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආරම්භක පීඨාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් සිදු කළා.
එම සාකච්ඡාව පහතින්.
- රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතීවේදීන් “යුක්තිසහගත හා අවසානාත්මක” තීන්දුවක් ඉල්ලයි
- රාජ්‍ය ආරක්ෂක සරසවියේ නීති පීඨයට නිසි පිළිගැනීම ලබා දෙන්නැයි අධිකරණ ඇමතිගෙන් විධානයක්
සාකච්ඡා කළේ – ළහිරු බණ්ඩාර
