(RIVIRA.LK, 2020 ජුලි 14 පෙරවරු 10.48ට)
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 14 අඟහරුවාදා දින පෙරවරු 10.30 වන විට 906ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
එමෙන්ම ජුලි 13 වන දින නාවික හමුදාවෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර තවත් නාවික හමුදා ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 898ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 8ක් බව ද සඳහන් වේ

