නාවික හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ජුලි මස 15 වැනි දින විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.
වසර 36ක සේවය නිම කොට විශ්‍රාම යන නාවික හමුදාපති වයිස් අද්මිරල් පියල් ද සිල්වා මහතා ජුලි මස 14 වැනි අඟහරුවාදා දිනයේ පෙරවරුවේදී ජනධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
2019 ජනවාර් 01 වැනි දින නාවික හමුදාපති ධූරයට පත් පියල් ද සිල්වා ශ්‍රී ලංකාවේ 23 වැනි නාවික හමුදාපතිවරයායි. 30 වසරක ත්‍රස්තවාසය අවසන් කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියා කළ ඔහු තම සේවා කාලය තුළ වීර වික්‍රම, වීර විභූෂණ, රණවික්‍රම, රණශූර, විශිෂ්ඨ සේවා විභූෂණ ඇතුළු පදක්කම් රැසක් හිමි කර ගත්තේ ය.
මවුබිහ වෙනුවෙන් කළ විශිෂ්ඨ මෙහෙය අගය කළ ජනාධිපතිතුමා ඔහුගේ විශ්‍රාම දිවියට සුභාෂිංසන එක් කළේ ය.
සේවයෙන් විශ්‍රාම ගන්නා පියල් ද සිල්වා ජනාධිපතිතුමා විසින් අද්මිරාල් ධූරයට උසස් කර තිබේ. සාම්ප්‍රදායිකව තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණ.

