Covid-19

සුවය ලැබූ ගණන 2,000 ඉක්මවයි, කන්දකාඩු පොකුරේ ආසාදිතයින් ගණන 533 ඉක්මවයි

(RIVIRA.LK, 2020 ජුලි 15 පස්වරු 02.48ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 15 බදාදා පස්වරු 02.30 වන විට 2,665ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 15 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,001කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 653ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 150ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 75%ක් ලෙසත් මරණ අනුපාතය 0.41%ක් ලෙසත් වාර්තා වේ.

කන්දකාඩු කොරෝනා පොකුරට අදාළව මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 533ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 906 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 17ක් ද සිටිනවා. මේ වන විට නාවික හමුදාවේ සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 07කි.

මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,665 මෙසේ වර්ගීකරණය කළ හැකියි.

  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු කොරෝනා පොකුර – 533
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 838
  • වෙනත් – 313

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 653 අතුරින්,

  • IDH රෝහල – 61
  • වැලිකන්ද මූලික රෝහල – 83
  • මුල්ලේරියාව මූලික රෝහල – 00
  • ඉරණවිල මූලික රෝහල – 27
  • කාත්තන්කුඩි මූලික රෝහල – 45
  • හෝමාගම මූලික රෝහල – 00
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 12
  • හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 00
  • තෙල්දෙණිය මූලික රෝහල – 00
  • යුද හමුදා රෝහල පනාගොඩ – 60
  • කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 03
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 362 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 127,920ක් වන අතර ජුලි 14 දින පරීක්ෂණ 2,288ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. දිනක් තුළ සිදු කළ ඉහළ කොරෝනා පරීක්ෂණ ගණන ජූලි 14 දින සිදු කර තිබෙනවා. ඉන් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන 19කි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top