දේශීය පුවත්

මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(RIVIRA.LK, 2020 ජුලි 15 පස්වරු 05.24ට)

මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 177 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් අතුරින් වැඩි දෙනෙකු එරට සංචාරක හෝටල්වල රැකියා කළ අය බව ද වාර්තා වේ .

විදේශයන්හි සිට පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ගෙන ඒම තාවකාලිකව නැවැත්වීමට පියවර ගත්තද මෙම පිරිස පැමිණ ඇති බවත් එහි නිශ්චිත හේතුවක් නොදන්නා බවත් ගුවන්තොටුපොලහි කාර්යේ නියුතු උසස් නිලධාරියෙක් වාර්තා කරයි.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ජුලි 15 වන දින පස්වරු 3.10 ට මාලදිවයිනේ මාලේ නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරණ විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top