කොවිඩ්-19

දියතලාවේ පුද්ගලයින් 7 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා බදුල්ල රෝහලට

(RIVIRA.LK, 2020 ජුලි 15 පස්වරු 06.27ට)

දියතලාවේ ඇඳුම් මසන ස්ථානයක හිමිකරු ඇතුළු ආශ්‍රිතයින් හත්දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා ජුලි 15 වන බදාදා දිනයේදී බදුල්ල මහ රෝහල වෙත රැගෙන ආ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

පසුගියදා, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට දියතලාවට පැමිණි යුද හමුදා සෙබළෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව ඔහුගේ ආශ්‍රියතයන් පිළිබඳව තොරතුරු රැස් කිරීමේදී ඔහු ඇඳුම් මැසීමට දියතලාවේ පිහිටි එම ඇඳුම් මසන ස්ථානයක පැමිණ තිබෙන බව අනාවරණය වී තිබේ.

නිවාඩු පැමිණ ආපසු කඳවුරට ගිය පසු කළ පරීක්ෂණයෙන් යුද හමුදා සෙබළාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top