(RIVIRA.LK, 2020 ජුලි 15 පස්වරු 06.38ට)
පැල්මඩුල්ල නගරයේ වෙළෙඳ සැලක් වසා දැමීමට එම වෙළඳ සැලේ පාලනාධිකාරිය ජුලි 15 වන බදාදා දිනයේ දී තීරණය කර තිබේ. ඒ, කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩුවට පැමිණි කොරෝනා ආසාදිත නිලධාරියා භාණ්ඩ මිලදී ගැනීම සඳහා එම වෙළඳසැලට පැමිණ ඇති බවට අනාවරණය වීමත් සමඟයි.
එම නිලධාරියාට කොරොනා ආසාදිත බවට ජුලි 14 වැනි දින තහවුරු වූ බව පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ශිරන්ති රණසිංහ පවසයි.
පැල්මඩුල්ල නාරංගොඩ පදිංචි මෙම නිලධාරියාගේ පළමු සමීපතමයින් 40 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඔහුගේ පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු සහ ඔවුන් සමඟ සම්බන්ධතා පැවත්වූ නිවෙස් දෙකක 8 දෙනෙකු දියතලාව හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමට නියමිත බව ච පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය නිලධාරියෙකු සඳහන් කරයි.
තවදුරටත්, මෙම ආසාදිත නිලධාරියාගේ දෙවැනි පෙළ ආශ්‍රිතයින් ගැන ද සොයා බලන බව පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ශිරන්ති රණසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

