(RIVIRA.LK, 2020 ජුලි 15 පස්වරු 06.53ට)
මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, බේරුවල සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල ජනතාවට මෙලෙස මුහුදු රළ ගොඩබිමට පැමිණීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5 ක පමණ ඉහළයාමක් දැකිය හැකි බව ද එම නිවේදනයේ දැක්වෙයි. එසේම, එම උස මට්ටම ගොඩබිමට එන රළ උස නොවන බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර, එම මුහුදු ප්‍රදේශවල මුහුද විටින් විට තරමක් රළු විය හැකි බවත්, ධීවර සහ නාවුක ප්‍රජාව සහ ආසන්න වෙරළබඩ ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

