2020 මහමැතිවරණය

හිමිනමකගේ නම පක්ෂ දෙකක අපේක්ෂක ලැයිස්තුවේ, මැකොගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

(RIVIRA.LK, 2020 ජුලි 16 පස්වරු 01.04ට)

2020 පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා එක් දිස්ත්‍රික්කයකින්, දේශපාලන පක්ෂ දෙකකින් තරඟ වදින අපේක්ෂකයෙකු සමබන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ජූලි 15 දින තැපැල් ඡන්ද විමසීමට අදාළව මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් ඡන්ද පත්‍රිකාව ඡන්ද දායකයින්ට නිකුත් කිරීමේ දී අනාවරණය වී ඇත්තේ කොළොන්නේ සිරි ශාන්තවිජය හිමි යන නාමය, අපේ ජනබල පක්ෂයේ අංක 3 යටතේ සහ ජනසෙත පෙරමුණේ අංක 2 යටතේ ඇති බවයි.

මෙහිදී එක් අපේක්ෂකයෙකුට පක්ෂ දෙකකින් තරඟ කළ හැකිද යන්න සහ නාමයෝජනා ඉදිරිපත් කළ දිනයේ දී අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප නොකිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල මගින් ඡන්ද දායකයින් ප්‍රශ්න කර තිබෙනවා.

මෙහිදී අදාළ අපේක්ෂකයා එකම පුද්ගලයා ද නැතහොත් වෙනස් පුද්ගලයින් ද යන්න පැහැදිලි කර දෙන ලෙස ද ඡන්ද දායකයින් ජාතික මැතිවරණ කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රිවිර.lk අපේක්ෂකයින්ගේ අනුක්‍රමික අංක සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිරීක්ෂණය කළ අතර එහි දී කොළොන්නේ සිරි ශාන්තවිජය හිමිගේ නම අදාළ පක්ෂ 2 යටතේ ඇති බව නිරීක්ෂණය විය.

Rivira FB Group Rivira Youtube
To Top