,
Business

විදුලි බිලට රු. ලක්ෂ 30,000ක සහනයක්, පෙබරවාරි බිල අදාළ වන්නේ මෙහෙමයි

(RIVIRA.LK, 2020 ජුලි 16 පස්වරු 01.54ට)

කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ඇඳිරි නීතිය දමා රට අකර්මන්‍ය කර තිබූ 2020 මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවලට අදාළ විදුලි බිල්පතට සහන සැළසීමට රජය තීරණය කර තිබුණා. එහෙත් ඒ ලැබුණු සහන සම්බන්ධයෙන් ජනතාව තෘප්තිමත් නොවීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ එල්ල වූ චෝදනා හා පැමිණිලි සම්බන්ධව සොයා බැලීමට සහ ලබාදිය හැකි සහන පිළිබඳ යෝජනා කිරීමට කමිටුවක් ද පත් කරනු ලැබුවා.

ඒ අනුව එම කමිටුවේ නිර්දේශ මත ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර එමගින් ලබා දී තිබෙන සහනය වූයේ පෙබරවාරි මස බිල්පත් වටිනාකම මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවලට අදාළ කිරීමටයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ සඳහන් බිල්පතට අනුව හෝ ඉන්පසුව ලද අවම බිල්පත යටතේ (පෙබරවාරි මස සඳහන් වන මිල ගණනට වඩා මාර්තු බිල්පත අඩු නම් එම බිල්පතේ සඳහන් ගණන) ගෙවීමට අවස්ථාව ලබාදීමට රජය ජූලි 15 දින තීරණය කළ බවයි.

එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා තවත් මාස දෙකක සහන කාලයක් ද ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ එම කාලය තුළ කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ද ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇති බවයි.

කෙසේ වෙතත් ඉහත සඳහන් කළ මාස 3ට ලබාදුන් බිල්පත් අනුව පාරිභෝගිකයින් පිරිසක් දැනටමත් බිල්පත් ගෙවා ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ අනුව ඊට අදාළ මුදල් ඉදිරි බිල්පත්වලින් අඩු කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම තීරණය මගින් විදුලි පාරිභෝගික ජනතාවට රුපියල් ලක්ෂ 30,000කට අධික සහනයක් ලැබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

නිවසටම වී සිටීම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත ඉහළ ගොස් තිබූ බැවින් මෙම සහනය විශාල සහනයක් වනු ඇති බවද ඇමතිවරයා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් ඇතැම් පාරිභෝගිකයින් අදාළ තීරණය නිවැරදිව තේරුම් නොගෙන තිබීම හේතුවෙන් සමාජ ජාල තුළ යම් කතිකාවතක් නිර්මාණය වී තිබුණා. එමගින් ඔවුන් ප්‍රශ්න කර තිබුණේ තමන්ගේ ව්‍යාපාර මාර්තු අප්‍රේල් සහ මැයි යන මාසවල වසා දමා තිබූ බවත් ඒවාගේ විදුලි බිල පෙබරවාරි බිලට වඩා අඩු බවත් පෙබරවාරි බිල ගෙවීමට නියම කළොත් තමන්ට දැඩි අසාධාරණයක් වන බවත් පවසමිනි. නමුත් පෙබරවාරි බිල අදාළ වන්නේ එක් එක් මාසයේ බිල පෙබරවාරි බිලට වඩා වැඩි නම් පමණක් බව කැබිනට් තීරණයේ සඳහන් වේ.

ඒ අනුව පෙබරවාරි මාසයට අදාළ බිල්පත් වටිනාකමට වඩා අඩු වටිනාකමක් සෙසු මාසවල බිල්පත්වල ඇත්නම් ගෙවිය යුත්තේ දෙකෙන් අඩු අගය බව පැහැදිලිව දැක්වා තිබෙනවා.

http://rivira.lk/advertising/
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top