(RIVIRA.LK, 2020 ජුලි 16 පස්වරු 08.50ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 16 බ්‍රහස්පතින්දා පස්වරු 08.00 වන විට 2,687ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 16 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 13ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 06 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,007කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 669ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 168ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 74.6%ක් ලෙසත් මරණ අනුපාතය 0.40%ක් ලෙසත් වාර්තා වේ.
කන්දකාඩු කොරෝනා පොකුරට අදාළව ජූලි 16 පස්වරු 8 වන විට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 540ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 906 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 17ක් ද සිටිනවා.
පෙරවරු 10 වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,674 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු කොරෝනා පොකුර – 534
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 846
- වෙනත් – 313
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 669 අතුරින්,
- IDH රෝහල – 67
- වැලිකන්ද මූලික රෝහල – 85
- මුල්ලේරියාව මූලික රෝහල – 00
- ඉරණවිල මූලික රෝහල – 24
- කාත්තන්කුඩි මූලික රෝහල – 46
- හෝමාගම මූලික රෝහල – 00
- මිනුවන්ගොඩ මූලික රෝහල – 11
- හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 00
- තෙල්දෙණිය මූලික රෝහල – 00
- යුද හමුදා රෝහල පනාගොඩ – 62
- කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 03
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 358 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 130,390ක් වන අතර ජුලි 15 දින පරීක්ෂණ 2,470ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. දිනක් තුළ සිදු කළ ඉහළ කොරෝනා පරීක්ෂණ ගණන මීට පෙර ජූලි 14 දින සිදු කර තිබූ අතර ජූලි 15 නැවතත් එම ප්‍රමාණය ඉක්මවා සිදුකර තිබෙනවා. නමුත් දෛනික පීසීආර් පරීක්ෂණ ගණන ප්‍රමාණවත් නැති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශ චෝදනා කර සිටිනවා.

