(RIVIRA.LK, 2020 ජුලි 16 පස්වරු 09.58ට)
අඟුලාන පොලිස් ස්ථානය අසළ ජූලි 16 දහවල් ප්‍රදේශවාසින් හා පොලීසිය අතර නොසන්සුන්තාවයක් හට ගෙන තිබුණා.
පොලිස් ස්ථානය අසළ ට රැස් වු අසල්වැසි ජනතාව පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර කැරලි මර්දන ඒකකය ද කැඳවීමට අඟුලාන පොලීසිය කටයුතු කරනු ලැබුවා.
නොසන්සුන්තාවයට හේතුව
පසුගිය ජූලි 11 දින පෙරවරු 12.30ට පමණ මොරටුව අඟුලාන ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට යාමේදී කලහකාරී ලෙස හැසිරුනු බව කී 39 හැවිරිදි පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා මියගියා.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා ජූලි 16 දින උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින් පොලිස් ස්ථානය ඉදිරිපිට දී උදෑසන පටන්ම ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත විය.
කෙසේ වෙතත් පසුව කළ සොයා බැලීමක දී වාර්තා වූයේ අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා රැගෙන ගොස් ඇත්තේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවට සහභාගී කරවීමට බවයි. එහෙත් එම ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම සහ එම කරුණු නිසි පරිදි ජනතාවට සන්නිවේදනය නොවීම හේතුවෙන් මෙම තත්වය ඇති වූ බවට සැක කළ හැකි බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළා.
කෙසේ වෙතත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ අදාළ පිරිස මෙහෙය වන්නේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවයි. ඔවුන්ට සහ පොලීසියට ප්‍රහාර එල්ල කරන්නන්ට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර සිදුවීමට අදාළව පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසුරුණු බව කියන 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න කියා සිටියේ අත්අඩංගුවට ගත් අයගෙන් තිදෙනෙක් කාන්තාවන් බවයි.
ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවේ තත්වය
මේ වන විට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරින් තිදෙනාගේ වැඩ තහනම් කර විමර්ශනයක්ද ආරම්භ කර තිබෙන අතර සිද්ධියට අදාළ නඩුව මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ජූලි 16 දින කැඳවූ අවස්ථාවේ දී පරීක්ෂණවල ඉදිරි කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස නියෝග කෙරිණි.
ජූලි 30 දින අදාළ නඩුව යළි කැඳවීමට ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

