කොවිඩ්-19

කන්දකාඩු පොකුරේ සම්පූර්ණ විස්තර මෙන්න, රැඳවියන්ගේ ආශ්‍රිතයින් කිසිවෙකු ආසාදිත නෑ

(RIVIRA.LK, 2020 ජුලි 17 පෙරවරු 10.45ට)

කොවිඩ්-19 වසංගතයේ පැතිරීම ශ්‍රී ලංකාව තුළ පාලිත තත්වයකට පත් ව තිබිය දී මතු වූ කන්දකාඩු කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන මේ වන විට 542 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි 16 දිනය තුළ කන්දකාඩු පොකුරට අදාළව තවත් ආසාදිතයින් 8 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම බියගම විලේජ් හෝටලයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි කන්දකාඩු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් වේ.

මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයින් 542 මෙසේ වර්ගීකරණය කළ හැකියි.

  • කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ රැඳවියන් – 444
  • කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩල නිලධාරීන් – 64
  • එම කාර්යමණ්ඩල නිලධාරීන්ගේ ආශ්‍රීතයින් – 33
  • වැලිකඩ රැඳවියන් – 01 (කරණවෑමී රැඳවියා) – පළමු රැඳවියා අයත්වන්නේ කන්ඳකාඩු රැඳවියන් අතරටයි)
  • රැඳවියන්ගේ ආශ්‍රිතයින් – 00

ජූලි 16 නිකුත් වූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ජූලි 04 දින පැමිණි ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හෝ ආශ්‍රිතයින් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top