(RIVIRA.LK, 2020 ජුලි 17 පෙරවරු 11.55ට)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.
නිවේදනයක් නිකුත් කරමින්, විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජීත සඳහන් කරන්නේ, අදාළ අයදුම් පත්‍ර කැඳවීමේ අවසාන දිනය 2020.07.31 දිනය දක්වා දිර්ඝ කර ඇති බවයි.
ඒ අනුව, නැවත සමීක්ෂණය සඳහා වන අයදුම් පත්‍ර ජුලි මස 31 වන දා හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ව වෙත එවිය යුතු වන බව විභාග කොමාරිස්වරයා නිවේදනය කරයි.
මේ පිළිබඳව, වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.
මීට අමතරව, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කර ඇත.
මේ සඳහා, අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව ද එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ පිළිබඳ, වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ “සැමට අධ්‍යාපන ශාඛාවේ“ දුරකථන අංක 0112 787136 මඟින් විමසීම් කළ හැකිය.

