(RIVIRA.LK, 2020 ජුලි 17 පස්වරු 05.24ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 17 සිකුරාදා පස්වරු 05.00 වන විට 2,687ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 17 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,012කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 664ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 99ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 74.8%ක් ලෙසත් මරණ අනුපාතය 0.40%ක් ලෙසත් වාර්තා වේ.
වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 906 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 17ක් ද සිටිනවා.
මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,687 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු කොරෝනා පොකුර – 542
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 851
- වෙනත් – 313
මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයින් 542 මෙසේ වර්ගීකරණය කළ හැකියි.
- කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ රැඳවියන් – 444
- කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩල නිලධාරීන් – 64
- එම කාර්යමණ්ඩල නිලධාරීන්ගේ ආශ්‍රීතයින් – 33
- වැලිකඩ රැඳවියන් – 01 (කරණවෑමී රැඳවියා) – පළමු රැඳවියා අයත්වන්නේ කන්ඳකාඩු රැඳවියන් අතරටයි)
- රැඳවියන්ගේ ආශ්‍රිතයින් – 00
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 664 අතුරින්,
- IDH රෝහල – 69
- වැලිකන්ද මූලික රෝහල – 88
- මුල්ලේරියාව මූලික රෝහල – 01
- ඉරණවිල මූලික රෝහල – 22
- කාත්තන්කුඩි මූලික රෝහල – 50
- හෝමාගම මූලික රෝහල – 00
- මිනුවන්ගොඩ මූලික රෝහල – 14
- හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 00
- තෙල්දෙණිය මූලික රෝහල – 00
- යුද හමුදා රෝහල පනාගොඩ – 62
- කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 03
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 355 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 132,796ක් වන අතර ජුලි 16 දින පරීක්ෂණ 2,406ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

