විදේශ

අඛණ්ඩව තෙවැනි වරටත් ඇමරිකාව කොරෝනා වාර්තා බිඳ හෙළයි

(RIVIRA.LK, 2020 ජුලි 18 පෙරවරු11.44ට)

ඇමරිකා එක්සත් ජනපදයෙන් අඛණ්ඩව තෙවැනි වරටත් එක් දිනකදී හඳුනාගත් වැඩිම කොරෝනා වෛරසය ආසාදිත වූවන් ප්‍රමාණය වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ගත වූ පැය 24 තුළ දී ඇමරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා ආසාදිතයින් 77,638ක් වාර්තා වී ඇත.

මේ වන විට, ඇමරිකා එක්සත් ජනපයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ප්‍රමාණය 37 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම, මරණයට පත් වූ ආසාදිතයින් ගණන 139,000කට අධිකයි. ගත වූ පැය 24 තුළ දී මරණ 927ක් ද වාර්තා වී ඇත.

ලොස් ඇන්ජලීස් නුවරින් ආසාදිතයින් 147,000කට අධීක ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත.

කෙසේ නමුත්, මුහුණු ආවරණ පැළදීම සඳහා ජනතාව පෙළඹවීමට රජය සහ ප්‍රාන්ත ප්‍රධානීන් උපරිම පියවර ගත යුතු බව ඇමරිකාවේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ ඇන්තනි ෆවුචි ප්‍රකාශ කර තිබියදීත් කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා මුඛ ආවරණ පලදින ලෙස ඇමරිකානුවන්ට අණ කිරීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top