දේශීය පුවත්

විදෙස්ගතව සිට පැමිණි 100ක් නිරෝධායනය සඳහා සංචාරක හෝටල්වලට

(RIVIRA.LK, 2020 ජුලි 18 පෙරවරු 12.09ට)

විදෙස් රටවල් තුනක සිට තවත් ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු ජුලි 17 වන දින රාත්‍රියේ සහ ජුලි 18 වන දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් චීනය, එක්සත් අරාබි එමීර් හා කටාර් යන රටවල සිට මෙරටට පැමිණ ඇති බව වාර්තාා වෙයි. ගුවන් තොටුපොළට පැමිණීමෙන් පසුව ඔවුන් සියළුදෙනා පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලට යොමු කර ඇති අතර ඉන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා සංචාරක හෝටල්වලට පිටත්ව ගොස් තිබෙනවා.

ඒ සඳහා, වන වියදම් මෙන්ම නිරෝධායනය කටයුතු සිදු වන කාල සීමා තුළ දී වන වියදම් සියල්ල ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සඳහා එකතු කර තිබීම විශේෂත්වයකි.

දැනට, රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 72ක නිරෝධායනය වන සංඛ්‍යාව උපරිමයට ළඟා වී ඇති බැවින් රජය විසින් විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top