,
Covid-19

දිනය තුළ ආසාදිතයින් 7ක් වාර්තා වේ, සමස්තය 2700 ඉක්මවා යයි

(RIVIRA.LK, 2020 ජුලි 18 පස්වරු 08.46ට – යාවත්කාලින කිරීම පස්වරු 11.55ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 18 සෙනසුරාදා පස්වරු 11.45 වන විට 2,704ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 18 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 7ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ජුලි 18 පස්වරු පස්වරු 11.35 වන විට ආසාදිතයින් හත් දෙනෙකු වාර්තා වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා.

එම හත් දෙනා අතරින් සිව් දෙනෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරක්ෂක අංශයේ සේවය කළ කොරෝනා අසාදිත බවට තහවුරු වූ ආසාදිතයෙකුගේ පවුලේ සමීපතයින් වේ. එලෙස වාර්තා වී ඇති ආසාදිතයින් එම නිලධාරියාගේ පියා, සහෝදරයින් දෙදෙනා සහ මිත්තණිය වේ.

මීට දින දෙකකට පෙර ඔහුගේ මවට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඇය හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන ලද නිලධාරිනියක් වන අතර එම ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 31 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

එසේම, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්ද එක් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා.

මීට අමතරව, නිරෝධායනයට ලක්වෙමින් සිටි ලංකාපුර පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙකුට ද කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ආසාදිතයෙකු බවට තහවුරු වූ අනෙක් පුද්ගලයා පිලිපීනයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු වේ.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,023කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 670ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 111ක් බවද සඳහන් වේ.

Rivira Ads
To Top