(RIVIRA.LK, 2020 ජුලි 19 පෙරවරු 08.13ට)
කොවිඩ් 19 ඇතුළු සියලුම බෝවන රෝග පාලන රාජකාරිවලින් ජුලි 18 වන ඉරිදා දිනයේ සිට ඉවත් වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කරයි. සෞඛ්‍ය අමාත්‍යවරිය ගේ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවල පළවූ තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
ජුලි 17 වන දින පෙරවරුවේ මුද්‍රිත මාධ්‍යයන් හා අනෙකුත් මාධ්‍යවල පළ වී තිබුනේ, ‘මැතිවරණයට අදාළ සියලු මාර්ගෝපදේශ ගැසට් කරන්න කටයුතු කළත් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට බලය ලබා දීමක් සිදු කරන්නේ නැහැ’ එමෙන්ම, එහි විශේෂයෙන් උපුටා දක්වා තිබුනේ ‘මහජනතාව පීඩාවට ලක් වීම වැලැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය දෙන්නේ නැහැ’ යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසූ බවයි.
කෙසේ වෙතත්, එම ප්‍රකාශය මඟින් මහජන පරීක්ෂකවරු මහජනතාව පීඩාවට ලක් කිරීමට කටයුතු කරන බව පෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කටයුතු කර ඇති බවට සභාපතිවරයා චෝදනා කරයි.
තවද, අමාත්‍යවරියගේ මෙම ප්‍රකාශය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලබා නොදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා ද මෙම තීරණය ගත් බව සභාපතිවරයා සඳහන් කරයි. ජුලි 17 වන සිකුරාදා දහවල් 12.30 ට කොවිඩි – 19 රාජකාරිවලින් ඉවත් වූ බවත් අද දිනයේ සිට සියලුම බෝවන රෝග වැළැක්වීමේ ඉවත් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
අමාත්‍යවරිය එවන් ප්‍රකාශයක් නොකළ බව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බවත් එසේ නොකීවේ නම් මාධ්‍ය වාර්තා නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශයට අභියෝග කරන බව ද ඔහු සඳහන් කරයි.
එසේ, මාධ්‍ය වාර්තා නිවැරදි කරන තුරු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිසි රාජකාරි බලතල ලබා දෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම ගෙන යාමට බලාපොරොත්තු වන බවද උපුල් රෝහණ කියා සිටියි.

