(RIVIRA.LK, 2020 ජුලි 19 පෙරවරු 9.10ට)
හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ 14 දෙනාගෙන් කිසිවෙකුටවත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට කරාපිටිය රෝහලේදී සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණවලදී ජුලි 18 වන දින තහවුරුවී ඇතැයි ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරියෙකුට කෝවිඩ් – 19 වෛරසය ආසාදිත වි ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහුගේ සමීප ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂණයන්ට යොමු කෙරුණු අතර එහිදී ඔහුගේ මවට වෛරසය ආසාදිත බවට තහවුරු විය.
එම කාන්තාව හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවයේ නියුතු අයෙක් වන අතර අදාළ කාන්තාව කාර්යාලයට පැමිණිම නිසා සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වසා කාර්ය මණ්ඩලය දින 14ක් නිරෝධායනය සඳහා හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන එන ලදී.
ඒ අනුව, එම කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරයෙකු, කාන්තා සැරයන්වරියන් තිදෙනෙකු, කාන්තා කොස්තාපල්වරියක්, පොලිස් අධිකාරිවරුන් දෙදෙනාගේ රියදුරන් දෙදෙනා, ප්‍රධාන ලිපිකරු සහ සිවිල් කාර්ය මණ්ඩලයේ 5දෙනෙකු ඇතුලු 14 දෙනෙකු නිරෝධායනය සඳහා පසුගිය ජුලි 17 වන දින හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු පී.සි.ආර්. පරීක්ෂණ සිදුකරන ලදී.
ඒ අනුව, ඒ අනුව මේ වනවිට හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ නාවික හමුදාවේ 35ක් සහ පොලිසියේ 14 දෙනා ඇතුලු 49ක් නිරෝධායනය වෙමින් සිටිති.

