කොවිඩ්-19

රෝහල්ගතව ප්‍රතිකාර ගන්නේ නාවිකයින් තිදෙනෙකු පමණයි

(RIVIRA.LK, 2020 ජුලි 19 පෙරවරු 10.23ට)

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 19 වන ඉරිදා දින පෙරවරු 10.00වන විට 906ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

එමෙන්ම ගත වූ දින කිහිපය තුළ නාවික හමුදාවෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර ජුලි 19 වන දින තවත් නාවික හමුදා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 903ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන‍ 3ක් බව ද සඳහන් වේ

Rivira FB Group Rivira Youtube
To Top