(RIVIRA.LK, 2020 ජුලි 19 පස්වරු 12.43ට)
විවිධ හේ්තු මත මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට ජුලි 20 සහ 21 යන දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් එම දින දෙක තුළ දී තැපැල් ඡන්දය භාවිත කළ හැකිය.
තැපැල් ඡන්දය භාවිත කිරීමට ජුලි 13 වන සඳුදා සිට ජුලි 17 වන සිකුරාදා දක්වා සිදුකෙරුණි.
කෙසේ වුව ද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඉදිරියේ දී එම ප්‍රදේශවල අයඳුම්කරුවන්ට තැපැල් ඡන්දය භාවිත කළ හැකි දින පිළිබඳ දැනුම් දීමට නියමිතය.
මේ අතර, ජුලි 19 වන දිනය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

