Covid-19

නව ආසාදිතයින් 20ක් වාර්තා වෙයි, සමස්තය 2724 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 ජුලි 19 පස්වරු 9.14ට – යාවත්කාලීන කිරීම ජුලි 20 පෙරවරු 7.30)

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණ ජුලි 19 පස්වරු 10.15 වන විට 2724 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, ජුලි 19 වන දින මෙතෙක් ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන ඇත.

වාර්තා වූ රෝගීන්ගෙන් හතරදෙනෙකු නිරෝධායනය වෙමින් සිටි කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඔවුන්ගෙන් තිදෙනෙකු කහතුඩුව පදිංචි පුද්ගලයින් වන අතර එක් අයෙකු පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් වේ.

අනෙක් 16 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් 9 දෙනෙකු සෞදි අරාබියේ සිට ද, තිදෙනෙක් කටාර් සිට ද, දෙදෙනෙකු ඉන්දියාවේ සිට ද, දෙදෙනෙකු එක්සත් එමීර් රාජ්‍යයේ සිට ද පැමිණි පුද්ගලයින් වේ.

ජුලි 19 වන දින පෙරවරු 10.00 වන විට ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 678ක් වේ.

තවත් පුද්ගලයින් 107 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top