,
Foreign

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ගවේෂණයට පිටත්වෙයි

(RIVIRA.LK, 2020 ජුලි 20 පෙරවරු 8.27ට)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ගවේෂණය සඳහා අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අඟහරුගේ කාලගුණ තත්ත්වය අධ්‍යනය සඳහා දියත් කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා වන එච්.ටූ ඒ රොකට් යානය ජපානයේ ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කර ඇත.

එය මේ වනවිට කිලෝමීටර මිලියන 500ක් පමණ දුරින් අභ්‍යවකාශගතව පවතින අතර, පසුගිය සතියේ අවස්ථා දෙකකදීම එය දියත් කිරීමට උත්සාහ කළද ව්‍යර්ථවූයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ය.

අදාළ රොකට් යානය ලබන වසරේ පෙබරවාරි මාසයේදී අඟහරු වෙත ළඟාවනු ඇති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විද්‍යාඥ කණ්ඩායම අනාවැකි පළකර තිබෙනවා.

http://rivira.lk/advertising/
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top