(RIVIRA.LK, 2020 ජුලි 20 පෙරවරු 10.48ට)
කොවිඩ්-19 වසංගතයේ පැතිරීම ශ්‍රී ලංකාව තුළ පාලිත තත්වයකට පත් ව තිබිය දී මතු වූ කන්දකාඩු කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන මේ වන විට 560 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජූලි 19 දිනය තුළ කන්දකාඩු පොකුරට අදාළව තවත් ආසාදිතයින් සිව්දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා. ඔවුන්ගෙන් තිදෙනෙකු කහතුඩුවෙන් ද, තවත් එක් අයෙකු පැල්මඩුල්ලෙන් ද වාර්තා වී ඇත. ඔවුන් සියලුදෙනාම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයින් 560 මෙසේ වර්ගීකරණය කළ හැකියි.
- කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ රැඳවියන් – 451
- කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩල නිලධාරීන් – 68
- එම කාර්යමණ්ඩල නිලධාරීන්ගේ ආශ්‍රීතයින් – 41
- වැලිකඩ රැඳවියන් – 01 (කරණවෑමී රැඳවියා) – පළමු රැඳවියා අයත්වන්නේ කන්ඳකාඩු රැඳවියන් අතරටයි)
- රැඳවියන්ගේ ආශ්‍රිතයින් – 00
ජූලි 16 නිකුත් වූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ජූලි 04 දින පැමිණි ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හෝ ආශ්‍රිතයින් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

