(RIVIRA.LK, 2020 ජුලි 20 පෙරවරු 11.42ට)
පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට ජුලි 21 පෙරවරු 9.00 දක්වා නායයැමේ අවදානම් ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබෙනවා.
එමෙන්ම, නායයෑම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට පැමිණෙන මං තීරුවේ ඉමදූව සිට පින්නදූව දක්වා කොටස තාවකාලිකව වසා දමා තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය වාර්තා කරන අන්දමට 102 වැනි කිලෝමීටර කණුව ආසන්න ප්‍රදේශයේ නායයෑම සිදු වී ඇත.
මේ හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.
මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින අතර කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ , ඉදිරි පැය 12 ක කාලය තුළ ප්‍රදේශ රැසකට මිලි මීටර 100 ඉක්ම වූ වර්ෂාපතයක් ඇති විය හැකි බවයි.
නායයෑම පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


