(RIVIRA.LK, 2020 ජුලි 20 පස්වරු 12.20ට)
2020 අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 12 වැනි දිනයේ දී ත්, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 11 වැනි දිනයේ දී ත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ජුලි 20 වැනි දින පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව මෙම තීරණය පිළිබඳව දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී දැනුම් දුන්නේ ය.
මේ අතර, දෙවන වාර පාසල් නිවාඩුව ඔක්තෝම්බර් මස 09 වැනි දා සිට නොවැම්බර් මස 16 වැනි දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

