ජීවිතය

නාවලපිටියේ දී මද්දකට හසුවූ කොටියෙකු මියයයි

(RIVIRA.LK, 2020 ජුලි 20 පස්වරු 07.51ට)

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වරින්වර කොටින් හමු වූ අතර එම කොටින් තුවාල ලබා හෝ මියගොස් සිටියදී හමුවීම සිදුවිය. ඒ අතර අතිදුර්ලභ විශේෂයක් වූ කළු කොටියෙකු ද මද්දකට හසුව සිටිය දී හමුවූ අතර පසුව මිය ගියා.

මේ අතර ජූලි 20 දින නාවලපිටිය, මාපකන්ද ප්‍රදේශයේදී තවත් කොටියෙකු හමුවී ඇති අතර එම කොටියා ද මද්දකට හසුවීමෙන් මිය ගොස් සිටිය දී හමුවී තිබේ. මිය ගිය කොටියා අවුරුදු 7ක පමණ සත්ත්වයෙකු බව අනුමාන කෙරෙනවා.

වගා ආරක්ෂාවට සහ සතුන් දඩයම් කිරීම සඳහා විවිධ ස්ථානවල අටවා ඇති උගුල්වලට මෙවැනි සතුන් දිගින් දිගටම හසුවී මිය යාම සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් නිසි තීරණයක් ගැනීමට සමත් ව නොතිබීම කණාගාටුදායක තත්වයකි.

Rivira FB Group Rivira Youtube
To Top