(RIVIRA.LK, 2020 ජුලි 21 පෙරවරු 09.18ට)
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 21 වන අඟහරුවාදා පෙරවරු 09.00වන විට 906ක් ලෙස සටහන් වන අතර ප්‍රතිකාර ලබමින් සිටි අවසන් ආසාදිතයින් තිදෙනාත් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
එමෙන්ම ගත වූ දින කිහිපය තුළ නාවික හමුදාවෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැත.
ඒ අනුව, මේ වන විට ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
එමෙන්ම නාවික හමුදා පොකුරට අදාළ එම සාමාජිකයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන සිටි ආසාදිතයින් ද මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටවී ඇති බව වාර්තා වේ. ඒ අනුව සමස්ත නාවික හමුදා පොකුරම මේ වන විට අවසන් වී තිබෙනවා.

