කොවිඩ්-19

තවත් 7කට සුවයි, සමස්තයෙන් හතරෙන් තුනක් සුවයි – දෛනික වාර්තාව

(RIVIRA.LK, 2020 ජුලි 21 පස්වරු 04.06ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 21 අඟහරුවාදා පස්වරු 03.30 වන විට 2,730ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 07 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,048කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 671ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 94ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 75.01%ක් ලෙසත් මරණ අනුපාතය 0.40%ක් ලෙසත් වාර්තා වේ.

වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 906 දෙනෙකු සිටි අතර ඔවුන් සියලු දෙනා සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. මේ වන නාවික හමුදා කොරෝනා පොකුරට අයත් නාවික හමුදා සාමාජිකයින් හා සියලු ආශ්‍රිතයින් සුවය (950) ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. වෙනත් හමුදා සාමාජිකයින් 17ක් ද සමස්ත ආසාදිතයින් අතර සිටිනවා.

මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,730 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු කොරෝනා පොකුර – 562
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 874
  • වෙනත් – 313

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 671 අතුරින්,

  • IDH රෝහල – 68
  • වැලිකන්ද මූලික රෝහල – 83
  • මුල්ලේරියාව මූලික රෝහල – 02
  • ඉරණවිල මූලික රෝහල – 15
  • කාත්තන්කුඩි මූලික රෝහල – 46
  • හෝමාගම මූලික රෝහල – 00
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 25
  • යුද හමුදා රෝහල පනාගොඩ – 62
  • කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 02
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 368 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 141,515ක් වන අතර ජුලි 20 දින පරීක්ෂණ 1,924ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

Rivira FB Group Rivira Youtube
To Top