(RIVIRA.LK, 2020 ජුලි 21 පස්වරු 04.39ට)
වත්මන් ආණ්ඩුව තාරුණ්‍යයට ලබා දුන් පොරොන්දු මේ වන විට කඩවුණු පොරොන්දු බවට පත් වී ඇති බව සමගි ජනබලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියයි.
සමගි ජන බලවේගය යටතේ තරඟ කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට සංවිධානය කර ඇති ජනහමු මාලාවේ තවත් ජනහමුවකට ජූලි 20 දින රත්මලාන ප්‍රදේශයේදී සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියා.
එවැනි කඩවුනු පොරොන්දු ලබාදෙන දේශපාලඥයින් පසුපස ගොස් ඔවුන්ව වන්දනාමාන කරන තත්ත්වයක් මේ වන විට රට තුළ උදා වී ඇති බව කී සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ වන්දිභට්ට යුගය අවසන් කළ යුතු බවයි.
එසේම සමගි ජනබලවේගය තුළ, ඕනෑම අයෙකුට පහළම තැන සිට ඉහළම තැන දක්වා පැමිණීමට අවස්ථාව නිර්මාණය කර ඇති බවද ඔහු කියා සිටියා.
මේ අතර කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රැකියා අහිමි වූ තරුණ පරපුර සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිඳු වැඩ පිළිවෙලක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු සොයා බැලීමක් ද සිදුකර නොමැති බවත් සජිත් ප්‍රේමදාස රැස්ව සිටි ජනතාව අමතමින් ප්‍රකාශ කර සිටියා.

