,
News

මත්ද්‍රව්‍ය ජාවාරමට සැකපිට අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

(RIVIRA.LK, 2020 ජුලි 21 පස්වරු 07.07ට)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත් වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා ජූලි 21 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අදාළ සැකකරුවන් 13 දෙනාම අගෝස්තු මස 04 වනදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධාගාර කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.

අධිකරණය හමුවේ කරුණු දැක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් දැනට සිදුකර තිබෙන විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ වාර්තා කළේය. කරුණු දක්වමින් ඔහු සඳහන් කළේ ඇතැම් සැකකරුවන්ගේ දුරකතන බිල්පත් ඩුබායි රාජ්‍යයේ සිට ගෙවා ඇති බවයි.

එමෙන්ම ඉරාන ජාතිකයින් සමග පසුගිය දිනෙක අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයෙන් කොටසක් වෙනත් ද්‍රව්‍ය සමග මිශ්‍ර කර ඇති බවයි.

එමෙන්ම සැකකාර නිලධාරීන් වැරදිකරුවන් වන්නේ නම් ඔවුන්ට එරෙහිව මරණ දඩුවම ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවද නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

Rivira Ads
To Top