(RIVIRA.LK, 2020 ජුලි 21 පස්වරු 07.40ට)
මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ජූලි 21 අළුයම 2.26ට යෙදුණු සුබ මොහොතින් සිව් මහා දේවාල කප් සිටුවීමේ චාරිත‍්‍රය සිදු කරමින් ආරම්භ කෙරුණි.
මෙවර ඇසළ මංගල්‍ය, පුරාණ චාරිත‍්‍රානුකූලව හා ආගමික වතාවත්වලට අනුව සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කළේය.
ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සිනිටුහන් කරමින්, කප කැපීම ජූලි 20 අළුයම් යාමයේ සිදු වී ඇති අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප ජූලි 21 දින අළුයම යෙදුනු සුබ මූර්තියෙන් සිටුවන ලදී.
2020 කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලය වෙනුවෙන් ප්‍රථමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වූ පසු ජූලි 21 දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ඇති.
ඇසල පෙරහැර මංගල්‍යයට දෙස් විදෙස් සංචාරකයින් ලක්‍ෂ ගණනක් සහභාගි වන උත්කර්ෂවත් මංගල්‍යයක් වුවද පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙවර ඇසල පෙරහැර මංගල්‍යය සිදු කෙරෙන්නේ කිසිදු ජන සහභාගිත්වයකින් තොරවයි.

