කොවිඩ්-19

ජූලි 21 දින නව ආසාදිතයින් නෑ

(RIVIRA.LK, 2020 ජුලි 22 පෙරවරු 8.35)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 22 බදාදා පෙරවරු 08.00 වන විට 2,730ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 21 දිනය තුළ නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 07 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ජූලි 21 දිනයේ දී මෙරට විශාලතම කොරෝනා පොකුර වන නාවික හමුදා කොරෝනා පොකුරට අයත් අවසන් ආසාදිතයින් 3ත් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබූ අතර ඒ සමගම එම කොරෝනා පොකුර අවසන් විය.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,048කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 671ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top