(RIVIRA.LK, 2020 ජුලි 22 පස්වරු 03.35ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 22 බදාදා පස්වරු 03.00 වන විට 2,730ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 16 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
මේ අතර ජූලි 21 දිනය තුළත් ජූලි 22 පස්වරු 3.00 වන විටත් නව ආසාදිතයින් වාර්තා වී නොතිබීම ද විශේෂත්වයකි. එමෙන්ම කන්දකාඩු කොරෝනා පොකුරට අදාළව නව ආසාදිතයින් වාර්තා වීම මන්දගාමී වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,064කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 655ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 107ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 75.60%ක් ලෙසත් මරණ අනුපාතය 0.40%ක් ලෙසත් වාර්තා වේ.
මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,730 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු කොරෝනා පොකුර – 562
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 874
- වෙනත් – 313
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 671 අතුරින්,
- IDH රෝහල – 59
- වැලිකන්ද මූලික රෝහල – 88
- මුල්ලේරියාව මූලික රෝහල – 02
- ඉරණවිල මූලික රෝහල – 11
- කාත්තන්කුඩි මූලික රෝහල – 45
- හෝමාගම මූලික රෝහල – 00
- මිනුවන්ගොඩ මූලික රෝහල – 25
- යුද හමුදා රෝහල පනාගොඩ – 60
- කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 02
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 363 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 16 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.
- IDH රෝහල – 09
- ඉරණවිල මූලික රෝහල – 04
- කාත්තන්කුඩි මූලික රෝහල – 01
- යුද හමුදා රෝහල පනාගොඩ – 02
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 143,673ක් වන අතර ජුලි 21 දින පරීක්ෂණ 2,158ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.
වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 906 දෙනෙකු සිටි අතර ඔවුන් සියලු දෙනා සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. මේ වන නාවික හමුදා කොරෝනා පොකුරට අයත් නාවික හමුදා සාමාජිකයින් හා සියලු ආශ්‍රිතයින් සුවය (950) ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා. වෙනත් හමුදා සාමාජිකයින් 17ක් ද සමස්ත ආසාදිතයින් අතර සිටිනවා.

