දේශීය පුවත්

පාලිත තෙවරප්පෙරුම මැර ප්‍රහාරයකින් තුවාල ලබා රෝහලට

(RIVIRA.LK, 2020 ජුලි 22 පස්වරු 08.25)

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම, පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පසුගිය දිනෙක හිටපු මන්ත්‍රීවරයා විසින් විශේෂ අනාවරණයක් සිදුකළා. ඒ ප්‍රමිතියෙන් තොරව ඉදි කරන කානු පද්ධතියක් පිළිබඳවයි. ඒ සම්බන්ධයෙන් කළ අනාවරණයෙන් පසු යළිත් ජූලි 22 දින ඔහු එවැනි ස්ථානයක් පරික්ෂාවට යළි ගොස් තිබෙනවා.

එහිදී එම කොන්ත්‍රාත් කටයුත්ත බාර පෞද්ගලික සමාගමක සේවකයින් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අතර උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා.

ඉන් පසු හිටපු මන්ත්‍රීවරයාට මෙලෙස මැර ප්‍රහාරයක් එල්ල වූ බවට පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් කර තිබෙන අතර පසුව ඔහුගේ හිතවතුන් විසින් ඔහුව කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාගේ කකුලට හානි සිදුවී ඇති අතර මන්ත්‍රීවරයාගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top