Covid-19

තවත් 13ක් සුවයි, මරණ අනුපාතය සියයට 0.3 දක්වා පහළට

(RIVIRA.LK, 2020 ජුලි 23 පස්වරු 01.09ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 23 බ්‍රහස්පතින්දා පස්වරු 12.45 වන විට 2,752ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,077කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 664ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 101ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 75.47%ක් ලෙසත් මරණ අනුපාතය 0.39%ක් ලෙසත් වාර්තා වේ.

දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 13 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.

  • IDH රෝහල – 03
  • මුල්ලේරියාව මූලික රෝහල – 01
  • ඉරණවිල මූලික රෝහල – 02
  • යුද හමුදා රෝහල පනාගොඩ – 07

මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,752 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
  • කන්දකාඩු කොරෝනා පොකුර – 563
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 895
  • වෙනත් – 313 (දැනට අක්‍රීයයි)

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 664 අතුරින්,

  • IDH රෝහල – 56
  • වැලිකන්ද මූලික රෝහල – 88
  • මුල්ලේරියාව මූලික රෝහල – 02
  • ඉරණවිල මූලික රෝහල – 09
  • කාත්තන්කුඩි මූලික රෝහල – 46
  • හෝමාගම මූලික රෝහල – 00
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 26
  • යුද හමුදා රෝහල පනාගොඩ – 53
  • කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 02
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 363 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 145,373ක් වන අතර ජුලි 22 දින පරීක්ෂණ 1,700ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top