(RIVIRA.LK, 2020 ජුලි 24 පෙරවරු 09.30 – යාවත්කාලීන කිරීම පෙරවරු 10.41ට)
Update: කොවිඩ්-19 ආසාදිතව මුල්ලේරියාව, අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පැනගිය කොරෝනා ආසාදිතයා, ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සිටිය දී යුද හමුදා භාරයට ගෙන තිබෙනවා. තමන් IDH රෝහලෙන් අද උදෑසන පැනගිය කොරෝනා ආසදිතයා බව ඔහු විසින්ම පිළිගෙන ඇති බව ද වාර්තා වේ.
News: කොවිඩ්-19 ආසාදිතව මුල්ලේරියාව, අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු ජූලි 24 අලුයම් කාලයේ දී රෝහලෙන් පලා ගොස් තිබෙනවා.
මේ වන විට එම ආසාදිතයා සොයා ගැනීම සඳහා යුද හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව යුද හමුදාපති, ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න සඳහන් කළේ අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අයෙකු මෙන්ම අපරාධ සඳහා අවශ්‍ය ව සිටි පුද්ගලයෙකු බව යි.
එම පුද්ගලයාගේ වම් කකුලේ ආබාධයක් පැවතීම හේතුවෙන් ඇවිදින විට “කොරගසන“ පුද්ගලයෙකු වන අතර මොහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරයි.
මෙලෙස පළාගොස් ඇත්තේ 41 හැවිරිදි ත්‍රිකුණාමලය, මාර්බල් බීච්, චීන වාරය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් කාසීම් මොහොමඩ් නසීම් නමැති පුද්ගලයෙකු බව සඳහන් අනාවරණය වේ.
මෙම පුද්ගලයා ගැන තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය ඉල්ලා සිටී.
- 119
- 0718591017
- 0718592290
- 0718591864


