කොවිඩ්-19

IDH රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා යුද හමුදා භාරයට

(RIVIRA.LK, 2020 ජුලි 24 පෙරවරු 10.45ට)

කොවිඩ්-19 ආසාදිතව මුල්ලේරියාව, අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පැනගිය කොරෝනා ආසාදිතයා, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ආසන්නයේ සිටිය දී යුද හමුදා භාරයට ගෙන තිබෙනවා.

තමන් IDH රෝහලෙන් අද උදෑසන පැනගිය කොරෝනා ආසදිතයා බව ඔහු විසින්ම පිළිගෙන ඇති බව ද වාර්තා වේ. අදාළ ආසාදිතයාව නැවත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියෙක් IDH රෝහලෙන් පැන යයි

Rivira FB Group Rivira Youtube
To Top