(RIVIRA.LK, 2020 ජුලි 24 පස්වරු 03.55ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 24 සිකුරාදා පස්වරු 03.30 වන විට 2,763ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 10ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,094කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 658ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 63ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 75.78%ක් ලෙසත් මරණ අනුපාතය 0.39%ක් ලෙසත් වාර්තා වේ.
දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 17 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.
- IDH රෝහල – 04
- මුල්ලේරියාව මූලික රෝහල – 01
- ඉරණවිල මූලික රෝහල – 04
- යුද හමුදා රෝහල පනාගොඩ – 08
මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,763 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
- කන්දකාඩු කොරෝනා පොකුර – 573
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 896
- වෙනත් – 313 (දැනට අක්‍රීයයි)
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 658 අතුරින්,
- IDH රෝහල – 52
- වැලිකන්ද මූලික රෝහල – 84
- මුල්ලේරියාව මූලික රෝහල – 04
- ඉරණවිල මූලික රෝහල – 15
- කාත්තන්කුඩි මූලික රෝහල – 46
- හෝමාගම මූලික රෝහල – 00
- මිනුවන්ගොඩ මූලික රෝහල – 33
- යුද හමුදා රෝහල පනාගොඩ – 45
- කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 02
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 367 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 147,385ක් වන අතර ජුලි 23 දින පරීක්ෂණ 2,012ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

