,
Criminal Records

10 හැවිරිදි දැරියක් දූෂණය කොට මරා දැමූ සැකකරුවෙකු සොයා ගැනීමට මහජන සහය පතයි

(RIVIRA.LK, 2020 ජුලි 24 පස්වරු 05.37ට)

පුත්තලමේ දී අවුරුදු 10 ක් වයසැති දැරියක් දූෂණය කර ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

පහත ඡායාරූපයේ සිටින සැකකරු පිළිබඳ තොරතුරක් ඇත්නම් පහත අංකවලට අමතා තොරතුරු ලබා දෙන්නැයි පොලීසිය ඉල්ලා සිටී.

  • 119
  • 071– 8591292
  • 032– 2265222
  • 032- 2265422

සැකකරු, අලීයා මරික්කාර් වත්ත ආසිරිගම, සිරම්ඹිඅඩිය ලිපිනයේ පදිංචිව සිටි ලෝමු මුදියන්සේලාගේ සිමියොන් ඇලෝසියස් නම් අවුරුදු 41ක පුද්ගලයෙකි. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 791975050V වේ. එය නිකුත් කර ඇත්තේ 2011.08.29 වන දා ය. එසේම සැකකරුගේ හැඳුනුම්පතේ ලිපිනය වන්නේ අංක 144/1, පෙරියකුලම, පාලවිය, පුත්තලම වේ.

සිදුවීම සම්පූර්ණයෙන් මෙසේ ය.

මියගිය දැරිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පුත්තලම මහේස්ත්‍රාත් ආර්.එන්. සිල්වා විසින් ජූලි 17 දින පුත්තලම් – කුරුණගල පාරේ පොල් වත්තක පිහිටි දැරියගේ තාවකාලික නිවසේදී පවත්වන ලදී.

එහිදී මහේස්ත්‍රාත්වරයා උපදෙස් ලබා දී ඇත්තේ එම ස්ථානයෙන් සාම්පල සහ සාක්ෂි ලබාගෙන විමර්ශන වාර්තාව ද සමග රජයේ රස පරීක්ෂක වෙත යවා විශ්ලේෂණ වාර්තාවක් ලබා ගන්නා ලෙසයි. එහිදී සැකකරු විසින් සඟවා තැබූ බවට සැක කෙරෙන ලේ පැල්ලම් සහිත ඇඳුම් සහ ඉන් සොයා ගත් වෙනත් අදාළ ද්‍රව්‍ය සමඟ රජයේ විශ්ලේෂක වෙත යවන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් දුන්නේය. .

දැරියගේ මව විසින් දැරියට සර්පයෙකු දෂ්ට කළ බව පවසමින් පසුගිය ජූලි 16 වන බ්‍රහස්පතින්දා උදෑසන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත්, ඇය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇත. පසුව සිදුවීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඝාතනයට ලක්ව ඇති දැරිය ඇගේ මව සහ මවගේ අනියම් සැමියා සමග ජීවත් වී ඇත. එසේම දැරිය කිසි දිනෙක පාසල් නොගිය බවත් ඇගේ නමින් උප්පැන්න සහතිකයක් පවා ලබාගෙන නොමැති බවත් පොලිස් පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

මියගිය දැරියගේ මව පොලිසියට පවසා ඇත්තේ තමා සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ පුද්ගලයා තමන් අසල්වැසි නිවසකට ගොස් සිටියදී තම දියණියට අතවර කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් නොදෙන ලෙස තමන්ට මරණී තර්ජන කර දැරියව රෝහලට ගෙන යාමට ත්‍රීරෝද රථයක් ගෙන එන්නම් යැයි පවසා අනියම් සැමියා පිටව ගිය බවත් නැවත ඔහු නොපැමිණි බවත් දැරිය මව සාක්ෂි ලබා දෙමින් පවසා ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පැන ගොස් ඇති බවටත්, මේ සමාන සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ ඉතිහාසයක් ඇති අයෙකු බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

http://rivira.lk/advertising/
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top