(RIVIRA.LK, 2020 ජුලි 24 පස්වරු 11.45ට)
ඉන්දියාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 24 සිකුරාදා පස්වරු 11.00 වන විට 1,335,471ක් ලෙස සටහන් වන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා.
අවසන් පැය 24 තුළ නව ආසාදිතයින් 49,310ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 740 දෙනෙකු මරණයට පත් වී තිබෙනවා. එසේම ආසාදිතයින් 34,602ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 848,886කි. සමස්ත ආසාදිතයින් අතුරින් 31,398 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 455,187ක් බව ද ඉන්දීය සෞඛ්‍ය අංශ කියා සිටිනවා.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 63.4%ක් ලෙසත් මරණ අනුපාතය 2.3%ක් ලෙසත් වාර්තා වේ.
එමෙන්ම මේ වන විට ඉන්දියාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව මිලියන 15ක් වන අතර ජනගහණය මිලියනයකට සාපේක්ෂව පරීක්ෂණ 11,000කට අධික ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. මුල් අවධියේ දී පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අතින් ඉන්දියාව ශ්‍රී ලංකාවටත් වඩා පිටුපසින් සිටි අතර මේ වන විට දෛනිකව ඉහළ පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කිරීමට ඉන්දියාව පියවරගෙන තිබෙනවා.
ජූලි 23 දින පමණක් පීසීආර් පරීක්ෂණ 352,801 සිදුකර ඇති අතර එමගින් හඳුනාගෙන තිබූ නව ආසාදිතයින් ගණන 49,310කි.
එසේම පීසීආර් පරීක්ෂණවලින් හඳුනාගන්නා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹාගෙන ගොස් පරික්ෂා කර ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ඉන්දියාව ද ආරම්භ කර ඇති බව ඉන්දීය මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.

