(RIVIRA.LK, 2020 ජුලි 25 පස්වරු 01.01)
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පෙරදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ක්‍රියාත්මක වූ ජාතිවාදී සහ බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයකි.
මෙම සංවිධානය වර්තමානයේ දී ද කැනඩාව සහ ඇතැම් යුරෝපීය රටවල් පාදක කරගෙන ක්‍රියාත්මක බවට පසුගිය කාලයේ වරින් වර තොරතුරු වාර්තා විය. නමුත් ඔවුන් එම රටවල දී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නොයෙදීම හේතුවෙන් ඒ ඒ රටවල ආරක්ෂක අංශවලින් බාධාවක් නොවන බව ද ප්‍රකට කරුණකි. දෙමළ ඊළාම් බෙදුම්වාදීන්ගේ ප්‍රධාන පරමාර්ථය වී ඇත්තේ ශ්‍රී ලංකාව දෙකඩ කර එහි උතුරු නැගෙනහිර දෙපළාත එක්කර ඊළම නමින් ස්වාධීන දමිළ රාජ්‍යයක් පිහිටුවීමයි.
සාමාන්‍යයෙන් මෙරට මැතිවරණයක් ආසන්නයේ දී “කොටි නැගිටීම” යනු දේශපාලනික උපහාසයකින් යුක්තව දකින කරුණක් වී තිබේ. එහෙත් රිවිර.lk විසින් සිදුකරන මෙම හෙළිදරව්ව දේශපාලනික වාසිතකා සිදුකරන හුදු කතාවක් පමණක් නොවන බව සාක්ෂි සහිතව අනාවරණය කර සිටින්නෙමු.

“தமிழீழ பாடல்கள்” නමින් සහ හිටපු කොටි නායකයාගේ රුව, ඊළාම් සිතියම ද සහිතව පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටුවක් විසින් කොටි ත්‍රස්ථවාදීන් විරුවන් ලෙස උත්කර්ශයට නංවන ගීත හා සහ වීඩියෝ පට ප්‍රචාරය කරමින් සිටී. “தமிழீழ பாடல்கள்” යන නාමයේ සිංහල අර්ථය “දෙමළ ගීත” යන්නයි. ඊට මේ වන විට ඉහළ ප්‍රතිචාර ලැබෙන පවතින බව ද එම පිටුවට පිවිසීමෙන් නිරීක්ෂණය කළ හැක.
මෙය “කොටි නැගිටීමක්” ලෙස හැඳින්විය හැක්කේ ඇයි?
පාස්කු සිදුවීමේ දී අනාවරණය වූයේ මද්‍රසා පාසල් හරහා ළමුන් කුඩා කළ සිටම ත්‍රස්තවාදී මානසිකත්වයකට යොමු කරවීමට හේතුවන බවයි. එහිදී ළමුන් කුඩා කළ සිටම එවැනි මානසිකත්වයකට හුරු කරවන බවට බොහෝ කලක සිට චෝදනා එල්ල වී තිබූ අතර පාස්කු සිදුවීමේ දී එය තහවුරු උනා. ඒ බොහෝ උගත් සහ පොහොසත් පවුල්වල ළමුන් එම ප්‍රහාරයන්ට යොමු වී තිබීම හරහායි.
එලෙසම අමානුෂික හා මිලේච්ඡ ත්‍රස්ථවාදී නායකයෙකු සම්බන්ධයෙන් ළමුන්ගේ සිට එම සමාජයේ සියලු දෙනා අතර වීරත්වයක් මෙන්ම අනුකම්පාක් ඇති කරවීමට දායක වන “කලා නිර්මාණ” ප්‍රචාරය හා ඍජුව ඊළාම් සිතියම හා ත්‍රස්ථවාදී කටයුතු පෙන්වීම හරහා එවැනි මානසිකත්වයකට යළිත් එම සමාජය යොමු කිරීම අපේක්ෂාවක් වී ඇති බව මෙම ෆේස්බුක් පිටුව නැරඹීමේ දී පෙනී යයි.
මැතිවරණයක් අභියස මෙය සිදු කිරීම පිටුපස දේශපාලන උවමනාවක්?
අනෙක් පසින් මහමැතිවරණය ආසන්නේ මෙවැනි ෆේස්බුක් පිටුවක් ඉතා සක්‍රීය ලෙස කටයුතු කරනු ලබන්නේ උතුරු නැගෙනහිර දෙපළාතේ ජන මනස අවුළුවා යම් අන්තවාදී දේශපාලන කොටස් සිය අරමුණු මුුදුන් පමුණුවා ගැනීමට දැයි යන්න පිළිබඳ ප්‍රබල සැකයක් ඇති කරනු ලබනවා.
පසුගිය ජනාධිපතිවරණයේ දී එම පළාතේ බොහෝ ප්‍රදේශවල දී එක් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු වෙනුවෙන් 90%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලැබීම යම් අන්තවාදී දේශපාලන නැඹුරුවක ප්‍රතිඵලයක් ලෙස පෙනී යන්නේ එම පළාතේ මතය සමග රටේ පොදු මතය ඉඳුරාම වෙනස් වී තිබූ නිසාය. එම දෙපළාතේ 90%ක් ඡන්ද ගත් අපේක්ෂකයා සමස්ත රටේ ඡන්ද ප්‍රතිඵලය අනුව මිලියන 1.3කට වැඩි ඡන්ද ප්‍රමාණයකින් පරාජය වීම මෙම සියලු ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස පෙනී යයි. ඒ හරහා රටේ ජනාධිපතිවරයා වන්නේ ද දෙමළ ඊළාම් ත්‍රස්ථවාදී නායකයා විනාශ කරමින් රට තුළ සාමය ස්ථාපිත කළ එවකට ආරක්ෂක ලේකම්වරයා වීම හරහා ඔහු වෙනුවෙන් ඡන්දය නොදුන් උතුරු නැගෙනහිර දෙපළාතේ ජනතාවගේ ජන මනස හසුරුවා ඇති ආකාරය පිළිබඳ විශාල සැකයක් පොදු ජන සමාජය තුළ ඇති වී තිබේ.
මෙවැනි ෆේස්බුක් පිටු සමාජය තුළ පෙනෙන්නටම සිදු කළ ද නොපෙනෙන්නට ක්‍රියාත්මක වන ජාලය ඊට වඩා බොහෝ පුළුල් හා සංවිධානාත්මක එකක් විය හැක. එබැවින් රටේ බුද්ධි අංශ මෙන්ම තාක්ෂණික අංශ ද මෙවැනි ෆේස්බුක් පිටු පවත්වාගෙන යන පුද්ගලයින් අනාවරණය කර ගැනීමටත්, මෙම ෆේස්බුක් පිටු පිළිබඳ ෆේස්බුක් ආයතනයට පැමිණිලි කිරීමටත් කටයුතු කළ යුතුය.
මෙය දේශපාලනයෙන් තොරව කියවිය යුත්තේ ඇයි?
හුදු දේශපාලන පාට කන්ණාඩියකින් මෙම ලිපිය කියවීම ඉතාමත් නුසුදුසු තත්වයකි. “කොටි නැගිටීම” කිසි දිනෙක සිදු නොවිය හැක්කක් සේ සිතීම ද නොකළ යුත්තකි. එසේම විවිධ කණ්ඩායම් විසින් විවිධ ආකාරයෙන් රටට එරෙහිව කඳවුරු බැඳගෙන සිටින බව මෑත කාලීන සිදුවීම් හරහා ම සමාජයට අසන්නට දකින්නට ලැබේ. එබැවින් රටට එරෙහිව එන සියලු කරුණු දෙස බැලිය යුත්තේ රටේ ජාතික ආරක්ෂාව යන කන්ණාඩියෙන්ම පමණි. සියලු දෙනාට ජීවත් වීමට ඇති මාතෘ භූමිය දේශපාලන පක්ෂවල දේශපාලනික අරමුණු නිසා දිය කර හැරීමට ඉඩ දිය යුතු නැත.

