කොවිඩ්-19

සුවය ලැබූ ගණන 2,100 ඉක්මවයි, දෛනික වාර්තාව

RIVIRA.LK, 2020 ජුලි 25 පස්වරු 07.33ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 25 සෙනසුරාදා පස්වරු 06.30 වන විට 2,768ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 04ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 09 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,103කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 654ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 84ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 75.97%ක් ලෙසත් මරණ අනුපාතය 0.39%ක් ලෙසත් වාර්තා වේ.

දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 09 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.

  • IDH රෝහල – 02
  • ඉරණවිල මූලික රෝහල – 02
  • කාත්තන්කුඩි මූලික රෝහල – 01
  • යුද හමුදා රෝහල පනාගොඩ – 04

මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,763 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
  • කන්දකාඩු කොරෝනා පොකුර – 573
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 901
  • වෙනත් – 313 (දැනට අක්‍රීයයි)

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 654 අතුරින්,

  • IDH රෝහල – 50
  • වැලිකන්ද මූලික රෝහල – 66
  • මුල්ලේරියාව මූලික රෝහල – 04
  • ඉරණවිල මූලික රෝහල – 13
  • කාත්තන්කුඩි මූලික රෝහල – 45
  • හෝමාගම මූලික රෝහල – 00
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 34
  • යුද හමුදා රෝහල පනාගොඩ – 42
  • කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 02
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 394 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

වෙනත් රෝගාබාධ වලින් පීඩා විඳීම හේතුවෙන් රෝහල් වෙත යොමු කර සිටි කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් අතරින් සාමාන්‍ය තත්වයෙන් සිටින ආසාදිතයින් කිහිප දෙනෙකු යළිත් කන්දකාඩු හී පිහිටුවා ඇති විශේෂ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 149,196ක් වන අතර ජුලි 24 දින පරීක්ෂණ 1,811ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. මේ වන විට ජනගහණය මිලියනයකට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන 7,000 ඉක්මවා තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top