,
Covid-19

මෙරට ප්‍රතිකාර ලබමින් සිටි අවසන් විදේශිකයා ඇතුළු 3කට සුවයි – දෛනික වාර්තාව

(RIVIRA.LK, 2020 ජුලි 26 පස්වරු 04.22ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 26 ඉරිදා පස්වරු 04.00 වන විට 2,772ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 02ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 03 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 2,106කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 655ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 75ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 75.97%ක් ලෙසත් මරණ අනුපාතය 0.39%ක් ලෙසත් වාර්තා වේ.

දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 03 දෙනා IDH රෝහලෙන් ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.

සුවය ලැබූ පිරිස අතර IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විදේශිකයෙකු ද සිටී. ඒ අනුව මෙරට ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත විදේශිකයින් සියලු දෙනා සුවය ලබා රෝහල්වලින් පිට වී තිබනෙවා. එම ප්‍රමාණය 31කි.

මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 2,772 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • කන්දකාඩු කොරෝනා පොකුර – 573
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 905
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 31 (සුවය ලබා ඇත)
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
  • වෙනත් – 313 (දැනට අක්‍රීයයි)

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 655 අතුරින්,

  • IDH රෝහල – 51
  • වැලිකන්ද මූලික රෝහල – 66
  • මුල්ලේරියාව මූලික රෝහල – 04
  • ඉරණවිල මූලික රෝහල – 13
  • කාත්තන්කුඩි මූලික රෝහල – 44
  • හෝමාගම මූලික රෝහල – 00
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 37
  • යුද හමුදා රෝහල පනාගොඩ – 42
  • කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 02
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය – 394 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 151,324ක් වන අතර ජුලි 25 දින පරීක්ෂණ 2,128ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. මේ වන විට ජනගහණය මිලියනයකට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන 7,000 ඉක්මවා තිබෙනවා.

http://rivira.lk/advertising/
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top