(RIVIRA.LK, 2020 ජුලි 26 පස්වරු 05.58ට)
යහපාලන රජය සමයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලට සේවකයන් බඳවා ගැනීමේදී සිදුව ඇති අක්‍රමිකතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි විසින් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කරනු ලැබුවා.
ඒ ජූලි 24 දින ජනාධිපති කාර්යාලයේ දී පැවති බෞද්ධ උපදේශක සභාව රැස්වූ අවස්ථාවේ දී යි.
පසුගිය කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලට සේවකයන් බඳවා ගැනීම, එහි ඇති මුදල් කිසිඳු අනුදැනුමකින් තොරව බෙදා හැරීම, නුසුදුසු පුද්ගලයන් බඳවා ගැනීම ඇතුළු අක්‍රමිකතා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු අනාවරණය කළා.
ඔහු පැවසුවේ ඇතැම් විට සේවකයින් දෙදෙනෙකු පමණක් අවශ්‍ය තැන්වලට පවා සේවකයින් 15ක් පමණ බඳවාගෙන ඇති බවයි. තම ඡන්ද දායකයින්ට රැකියා ලබාදීම අරමුණු කරගෙන සිදුකර ඇති මෙම සියලු පත් කිරීම් මැතිවරණ සඳහා සිදුකළ දේශපාලන පත් කිරීම් බවට ද ඔහු චෝදනා කරනු ලැබුවා.
අනුමත කාර්ය මණ්ඩලයේ ඇති පුරප්පාඩු සංඛ්‍යාව ඉක්මවමින් සහ අනුමත කාර්ය පටිපාටිය අනුගමනය නොකරමින් සිදුකර ඇති මෙම පත් කිරීම හේතුවෙන් සිදුව ඇති අලාභය ඉතා විශාල බව ද මෙහි දී පෙන්වා දුන්නා.
එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත බඳවාගෙන ඇති පිරිස් සඳහා ද වැටුප් ගෙවා ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් බව ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළා. එසේම අදාළ සියලු සේවකයින් බඳවාගෙන ඇත්තේ කොන්ත්‍රාත් පදනමෙන් බව ද ඔහු කියා සිටියා.
එසේම දැනට ගත වී ඇති කෙටි කාලය සඳහා පමණක් එලෙස අක්‍රමික ලෙස බඳවාගත් පිරිසට වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 7,000කට වඩා වැය වී ඇති බව ද මහචාර්යා ගාමිණී අධිකාරි විසින් අනාවරණය කර සිටියා. මේ වන විට එම වැය බර අරමුදලට දරාගත නොහැකි මට්ටමට පැමිණ ඇති බව ද ඔහු කියා සිටියා.
මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ රජය පත් වීමට පෙර යහපාලන රජය පැවති වසර හතර හමාරේ දී පමණක් කොන්ත්‍රාත් පදනමට සේවකයන් දහසකටත් වැඩිය බඳවා ගෙන ඇති බවයි.
එලෙස බඳවාගෙන ඇති ඇතැම් පුද්ගලයන් තනතුරට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නැති බව අනාවරණය වී ඇතැයි ද ඔහු සඳහන් කළා.

