,
Covid-19

වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයෙක් හමුවෙයි

(RIVIRA.LK, 2020 ජුලි 27 පස්වරු 01.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 27 සඳුදා පෙරවරු 08.00 වන විට 2,782ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 26 දිනය තුළ නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව සේනපුර පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පස් දෙනෙකු, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින් ආශ්‍රය කළ එක් පුද්ගලයෙකු, එම පුනුරුත්ථාපන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු, වැලිකඩ බන්ධනාගාරයෙන් එක් පුද්ගලයෙකු සහ විදේස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් හතර දෙනෙක් ඒ අතර වේ.

මේ අතර ජූලි 26 දින වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ ආසාදිත රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට නියමිතව සිටි අයෙකු බව ද වාර්තා වේ. එසේම, වැලිකඩ බන්ධනාගාරයට ගෙන ඒමට පෙර අදාළ රැඳවියා ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිට ඇති බව ද අනාවරණය වී ඇති අතර මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඇතුළු නිලධාරීන් 200 ක් පමණ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල අනුව ඉදිරි කටයුතු සිදුකරන බව සඳහන්.

එමෙන්ම කොරෝනා ආසාදිත බවට තහවුරු වූ වැලිකඩ බන්ධනාගාරයේ අදාළ රැඳවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ද ප්‍රතිකාර ලබාගෙන ඇති බැවින් එම රෝහලේ කාර්යය මණ්ඩලය ද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර ඇත.

කොවිඩ්-19 මර්දන සඳහා ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අනාවරණය කර සිටියේ මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 580ක් බවයි. ඒ අතර,

  • පුනරුත්ථාපනය වන රැඳවියන් – 465
  • කාර්ය මණ්ඩලය – 65
  • ආරාධිත කාර්ය මණ්ඩලය – 05
  • ළඟින් ඇසුරු කළ පුද්ගලයින් – 45
Rivira Ads
To Top