,
Criminal Records

අපරාධ ගැන තොරතුරු කියන්න විශේෂ දුරකතන අංක මෙන්න

RIVIRA.LK, 2020 ජුලි 27 පස්වරු 03.24ට)

මෙරට සිදුවන අපරාධ සම්බන්ධයෙන් වන තොරතුරු දැනුම් දීමට විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. එමගින් පුද්ගලයින් රහස්‍ය ලෙස තොරතුරු ලබා දිය හැකි බව සඳහන්.

එම ඇමතුම් ඒකකය ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ රහස් ඒකකයක් විසින් පාලනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න මාධ්‍ය වෙත කියා සිටියා.

1997 අංකයට ඇමතීමෙන්

1997 යන අංකයට ඇමතීමෙන් විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් සම්බන්ධව දැනුම් දිය හැකියි. මහජන සාමයට බාධාවක් විය හැකි ක්‍රියාකාරකම් මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල දූෂණ හා කප්පම් ගැනීම් වැනි තොරතුරු මෙම දුරකකථන අංකය ඔස්සේ රහසිගතව ලබා දිය හැකි” බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

1917 අංකයට ඇමතීමෙන්

“1917 යන අංකයට ඇමතීමෙන් අපරාධ කල්ලි සාමාජිකයන් හෝ වෙනත් කූඨ ගණුදෙනුකරුවන්ගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට පුළුවන්“ යැයි ද ඔහු කියා සිටියා.

Rivira Ads
To Top